Showing posts with label කරුණාරත්න දිවුල්ගනේ. Show all posts
Showing posts with label කරුණාරත්න දිවුල්ගනේ. Show all posts

Saturday, June 22, 2013

Pinsara Oba Hara - පින්සර ඔබ හැර

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි
වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

Friday, June 21, 2013

Pem Kawak liyu - පෙම් කවක් ලියූ

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. 
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., 
නිමා කරන්නද මා කෙලෙසේ...

නුඹ යන්නම යන්නම යනවානම්

Paya Nagi Ewi - පායා නැගී ඒවි

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා..
සේපාලිකා...//

Obata Waram nathi matada waram nathi - ඔබට වරම් නැති මටද වරම් නැති

ඔබට වරම් නැති මටද වරම් නැති 
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..//

ඔහුට පුදන්නට පූජාසනයේ 
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..

Oba dannwanam - ඔබ දන්නවනම්

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්

Nethata Ulelak wiya - නෙතට උළෙලක් විය

නෙතට උළෙලක් විය එදා ඔබ 
කඳුළු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා..//

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන 
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා...

නෙතට උළෙලක්...//

ඔබේ රුව රසදුනක් වූවට 
කමක් නැ මට තවත් ඇසකට...
නමුදු ඒ රුව තවත් කෙනෙකුට 
අයිතිවෙනු බෑ දරාගන්නට...

නෙතට උළෙලක්...//

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ

NElanna Bari durin - නෙලන්න බැරි දුරින්

නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී
මගේ ලොවේ...//

විලක රැයේ පිපෙන මලේ 
කඳුළු සඟවලා...

Mudu muhune - මුදු මුහුණේ

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද//

පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද

Manalada Sathuta - මැනලාද සතුට

මැනලාද සතුට මට දෙන්නේ
ඉඳහිට දැන් දැන්
මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
නුඹ හට මා නම්...

Malagirawiye - මාල ගිරවියේ

මාල ගිරවියේ ... මාල ගිරවියේ ...
මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න අසයි
මං දන්න කියන ගහකොල මල් පෙන්නන්නට අසයි
මාල ගිරවියේ... මාල ගිරවියේ ...

Mage Duwe Nuba - මගෙ දුවේ ඔබ අවදියෙන් නම්

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

Ma Obath ekka - මා ඔබත් එක්ක

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...//

තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා 
කියල කියනවා....

La dalu Bopath - ලා දළු බෝපත්

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

Konda kirilliye - කොන්ඩ කිරිල්ලියේ

කොන්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා.....
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද
කොන්ඩෙ කපනවාද - බඳිනවාද කියාපන් එයා..//

Hada wela yaman Pane - හාද වෙලා යමං

හාද වෙලා යමං පනේ සිරි සැප ‍දෙඤ්ඤයි
උඹට රේන්ද රිදී පට කම්බා අදින්න දෙඤ්ඤයි...//

ගාලු දුවඤ්ඤයි - මම ‍කොළඹ දුවඤ්ඤයි 
උබට වැලි හකුරුයි හබල පෙති ගෙනල්ල දෙඤ්ඤයි....//

හාද වෙලා යමන් පනේ....//

ගාලට යඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනල්ල දෙඤ්ඤයි..//

Gamata kalin Hiru - ගමට කලින් හිරු

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

Gahaka Mal Pipila - ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා පිපෙන්නේ - ඇයිද නොදන්නෙමි...
හිතක මල් පිපිලා පිපෙන්නේ - ඇයිද නොදන්නෙමි...
නුඹට සිත බැඳී කාරණේ මම - තවම සොයන්නෙමි...

Dura Ath uwada dakina - දුර ඈත වුවද දකිනා

දුර ඈත වුවද දකිනා 
ළඟ පාත නොවේද සිටිනා 
ඇලපාත මුදලි මං...
මදහාස නගන් ගජමන් නෝනා...//

Chandra kinnara Jathake - චන්ද්‍ර කින්නර ජාතකේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං උනා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් උනා…



Bebaleema Wagema Basa Yama - බැබලීම වගෙම

බැබලීම වගෙම බැස යාම අයිති සදටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම........
මම තාම අයිති නුඹටයි.......