Showing posts with label සමිතා මුදුන්කොටුව. Show all posts
Showing posts with label සමිතා මුදුන්කොටුව. Show all posts

Tuesday, October 22, 2013

kolompure nuba inna isawwe - කොළොම්පුරේ

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිඳැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැඳැල්ලේ....

දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලූ
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලූ
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ
මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු

වෙල් එළි යේ වෑ කන්දේ දුව පැන නැටුවාලු 
දැවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලූ
කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ
මතක නේද මගෙ රන් කඳ අපි දෙන්නා යාළු

Sanda tharu mal සඳ තරු මල්..

සඳ තරු මල්..
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය : රෝහණ වීරසිංහ
download from http://www.ananmanan.lk

Wednesday, October 16, 2013

Iwasaida manda ඉවසයිද මන්දා

ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
දරාගන්න බෑනේ මතකේ විලාපේ...
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

ඉවසයිද මන්දා...//

ගායනය : අතුල අධිකාරි සමඟින් සමිතා මුදුන්කොටුව
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : උදාර සමරවීර

Alen wela ganna ආලෙන් වෙලා ගන්න

ආලෙන් වෙලා ගන්න...
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා වලට, චෝදනා
මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ...
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ..

ආලෙන් වෙලා ගන්න...