Showing posts with label රත්න ශ්‍රී විජේසිංහ. Show all posts
Showing posts with label රත්න ශ්‍රී විජේසිංහ. Show all posts

Wednesday, October 16, 2013

Sodin nelum mala geniyana (ඇතින්නියේ )- Athula adikari

සොඬින් නෙළුම් මල ගෙනියන 
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ 
යදම් අමතකද පා බැඳි විලංගුවේ..
යදම් අමතකද පා බැඳි විලංගුවේ..//

උදුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්නැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි..//
ඇතින්නියේ.... 
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි....

වටින් මහ සෙනග ඇවිදින් සාධු කියා වැන්දයි
නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ.... 
නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි.

ගායනය - අතුල අධිකාරී
පද - රත්න ශ්‍රී 


Thursday, July 4, 2013

Ma ithin yanna yanwa - මා ඉතින් යන්න යනවා

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //

ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි 

මා ඉතින් යන්න යනවා...

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා...

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

Friday, June 21, 2013

Oba dannwanam - ඔබ දන්නවනම්

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්

Mage Duwe Nuba - මගෙ දුවේ ඔබ අවදියෙන් නම්

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

Tuesday, June 18, 2013

Mage bisawne - මගෙ බිසවුනේ අසාපන්

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්රි දේවි නොවුනි..
දුෂ්කර වු පළාතේ
මට යන්න දෙන්න දේවි...//

Kalladi palama - කල්ලඩි පාලම

  mp3 බාගන්න 
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ      
ඇයි ගොළු ගැහුණේ....
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ