Showing posts with label නෙලූ අධිකාරී. Show all posts
Showing posts with label නෙලූ අධිකාරී. Show all posts

Tuesday, May 14, 2013

Nelu Adhikari - Sinahawakata Wada


සිනහවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි 
මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්..
කඳුළු වලට වඩා ඔබේ සිනහවකට මං ආසයි .. 
මා වටකර නැගෙන සිනා නම් ....//

සඳ එළියට වඩා ස‍‍ඳේ සඳ අඳුරට මං ආසයි 

සඳ අඳුරේ ඔබ හමු වේ නම්

සඳ අඳුරට වඩා ස‍‍‍ඳේ සඳ එළියට මං ආසයි 
සඳ එළියේ ඔබ හමු වේ නම්

මහ මංදිරයකට ඩවා ඔබේ පැළට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්

නෙලූ අධිකාරී