ලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..
අතවනයි මදහසක්..
ඉපදිලා සෙනෙහසක්..
ඉතින් අප හිතනවා, කියනවා, ලියනවා, ගයනවා..
එකෝමත් එක පොතක්..
ආදරේ නම් පොතක්..
ළංවෙමින් සිත් දෙකක්..
ඇතිවෙලා එක සිතක්..
ඉතින් අප නැළවිලා, දුක්වෙලා, හමුවෙලා, සැනසිලා..
අතින් අත් ගෙන දිනක්..
සාදමූ කූඩුවක්..
ගායනය - අමල් පෙරේරා
පද - සමන් චන්ද්‍රරනාත් වීරසිංහ
සංගීතය - මහින්ද බණ්ඩාර






