මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
මට දැනෙන්නෙ ඒ මලේම සුවද අපමන
වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල
සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල....//
උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන
බලා ඉන්න සදරු තලේ සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලින් පිරුව දෙන මට
මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට
මට තහනම් මල් කැකුලෙන්...
දැනෙනා දුක කවියක් වී නුබට කියන දින
උඩු මහලේ කවුලු දොරින් නුබට ඇසේ විද
වැට කොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල
මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට
සැඩ සුලගට අරන් යයිද මටත් හොරෙන් හෙට
මට තහනම් මල් කැකුලෙන්...