Showing posts with label පණ්ඩිත් අමරදේව. Show all posts
Showing posts with label පණ්ඩිත් අමරදේව. Show all posts

Monday, June 17, 2013

Adara hangum - Pandith Amaradewa

ආදර හැඟුම් - ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි... -  හැඟුම් 
ආදර හැඟුම් - ආදර හැඟුම්
කිති කවයි හද - කිති කවයි
හැඟුම් 
ආදර හැඟුම්.//

සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි.

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.

ගායනය     -   පණ්ඩිත් අමරදේව
පද -   දයානන්ද ගුණවර්ධන
සංගීතය     -  සෝමදාස ඇල්විටිගල


download from http://www.ananmanan.lk

Tuesday, June 4, 2013

Kolomthota natha mahaluwee

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

Sunday, March 31, 2013

Danno budunge - දන්නෝ බුදුන්ගේ

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පාය ප්‍රකාසේ //

භූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
සෘධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙලුම් හා ඕලූ පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනතී බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ///



නාට්‍ය‍ය‍ - සිරිස‍ඟ‍බෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ, වික්ටර් වික්‍රමගේ
(c) http://noorthi.blogspot.com/2011/09/blog-post.html

වර්තමාන ගායනය පණ්ඩිත් අමරදේව සමඟ විශාරද නන්දා මාලිනී