Showing posts with label අමල් පෙරේරා. Show all posts
Showing posts with label අමල් පෙරේරා. Show all posts

Wednesday, May 15, 2013

Amal Perera -Mal pita mal - මල් පිට මල්


මල් පිට මල්
මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා //

දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි

මල් පිට මල්...

වැහි පිට වැහි හැලෙන රාත්රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විදින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

මල් පිට මල්...

ගායනය: අමල් පෙරේරා

Lassanai Adare Galayana Hasaral - ලස්සනයි ආදරේ ගලායන හසරැල්


ලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..

අතවනයි මදහසක්..
ඉපදිලා සෙනෙහසක්..
ඉතින් අප හිතනවා, කියනවා, ලියනවා, ගයනවා..
එකෝමත් එක පොතක්..
ආදරේ නම් පොතක්..

ළංවෙමින් සිත් දෙකක්..
ඇතිවෙලා එක සිතක්..
ඉතින් අප නැළවිලා, දුක්වෙලා, හමුවෙලා, සැනසිලා..
අතින් අත් ගෙන දිනක්..
සාදමූ කූඩුවක්..

ගායනය   - අමල් පෙරේරා
පද           -  සමන් චන්ද්‍රරනාත් වීරසිංහ
සංගීතය   -  මහින්ද බණ්ඩාර