Showing posts with label නතාෂා පෙරේරා. Show all posts
Showing posts with label නතාෂා පෙරේරා. Show all posts

Monday, June 17, 2013

Sualangak wee man yanawa nathasha perera ft Edward jayakodi


සුළඟක් වී මං යනවා
දුර අහ‍සේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද
මං අල්ලන්නනේ..

අහසක් සේ දූ යන මග
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැක ගන්නේ
පණ වාගේ ‍මගේ දූ මං රැක ගන්නේ

මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කදු වැටි හෙම
උදුරා පොළොවට දමනවා
අප්පච්චි කොහොමද මං වළකන්නෙ

මං මහ මුහුදක් වෙනවා දූ එන තුරු මග රකිනවා
ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා
මං ලඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නවා
ඇස් රතු වෙනකල් අඩනවා
තුරුලය අ‍රගෙන හිටියත්
නැලවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද මං නලවන්නේ

දුවටත් වැඩියෙන් හයියෙන් එතකොටන්ම් මට ඇඩෙනවා
දුවගෙ කඳලු මම ගන්නවා
දූ නැලවෙනකල් අඩනවා
මං ඇඩුවම දූ නොවැ මා නලවන්නේ

සුළඟක් වී මං යනවා
දුර අහ‍සේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද
මං අල්ලන්නනේ..

අහසක් සේ දූ යන මග
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැක ගන්නේ

පණ වාගේ ‍මගේ දූ මං රැක ගන්නේ

ගායනය එඩ්වඩ් ජයකොඩි සමග නතාෂා පෙරේ‍රා

Wednesday, May 15, 2013

Nathasha Ft Hiran - Arumosam අරුමෝසම්

පහන් කණුවෙ හෙවණ තමයි හැමදා අපෙ උරුමේ
ඉර ‍දෙයියො කොයි දොහේද අනුකම්පා කෙරුවේ
ගෙයක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපං අහසේ

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගනී
ඉගිලී ගිය මුතු අහුරින් සතයක් ලැබුනී

පවුලේ කුසගිනි නිවන්න එකෙන් ඵල ලබුණී
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී

දඩයම් බල්ලන් නුඹටත් ඉවකරනා දවසේ
පැලක් හදා නොගත්තොතින් මයෙ හිත මට දේස් දේ

මාල පබලු දිහා තවත් බලන්නෙ නෑ අයියන්ඩී
මුවා වෙලා කඩ පිල් ලඟ අහසේ තරු ගණින්නෙමි

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
ඉගිලී ගිය මුතු අහුරින් සතයක් ලැබුනී

පවුලේ කුසගිනි නිවන්න එකින් ඵල ලබුණී
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී

නුඹ එනතුරු වීදි කොනේ ඉන්නම් අයියන්ඩි....//

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
ඉගිලී ගිය මුතු අහුරින් සතයක් ලැබුනී

පවුලේ කුසගිනි නිවන්න එකින් ඵල ලබුණී
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී

download from http://www.ananmanan.lk