Showing posts with label එච්.එම්. ජයවර්ධන. Show all posts
Showing posts with label එච්.එම්. ජයවර්ධන. Show all posts

Monday, June 17, 2013

Aya yanna giya makila

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා........

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර


යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීහිදුම් සළුවෙන් මුහුණ වසා


ගායනය     - අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය     -  එච්.එම්. ජයවර්ධන