Showing posts with label එඩ්වඩ් ජයකොඩි. Show all posts
Showing posts with label එඩ්වඩ් ජයකොඩි. Show all posts

Friday, July 12, 2013

Siriyahane - සිරියහනේ ලණු ඉහිරී

Download 128kbs MP3 
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

සිරියහනේ...

යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින් 
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

සිරියහනේ...

ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්.එම්.ජයකොඩි

Wednesday, July 3, 2013

මේ ඉර හද යට හමු වී - Me ira hada yata hamuwee

මේ ඉර හද යට හමු වී
ආදරයෙන්
කතා කරපු අය .. සෙනෙහෙ වඩපු අය
ලග පාතකවත් නෑ
මේ.... ඉර හද යට හමු වී.......

අද නුබ කොතනද..අද මා කොතනද
දන්නෙ නෑ නුබ මටත් හොරා
ජීවන මහමග සටන් වෑදී ඈත
නා දුනනා පෙම්වතුන් වෙලා

මේ ඉර හද යට හමු වී

දැන හදුනා ගත් කාලයේ ඉදලා
ලබෑදි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කදුලක් ඉතිරි වෙලා.............

Monday, June 17, 2013

Epa sande obe sina - Edward jayakodi

එපා ‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...

අඹ මල් යායේ බිඟු දැල් හී
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..

එපා සදේ ඔබේ සිනා...

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොන් සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...

එපා සදේ ඔබේ සිනා...

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: කුමාරදාස සපුතන්ත්රී

සංගීතය: රෝහණ වීරසිංහ

Sualangak wee man yanawa nathasha perera ft Edward jayakodi


සුළඟක් වී මං යනවා
දුර අහ‍සේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද
මං අල්ලන්නනේ..

අහසක් සේ දූ යන මග
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැක ගන්නේ
පණ වාගේ ‍මගේ දූ මං රැක ගන්නේ

මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කදු වැටි හෙම
උදුරා පොළොවට දමනවා
අප්පච්චි කොහොමද මං වළකන්නෙ

මං මහ මුහුදක් වෙනවා දූ එන තුරු මග රකිනවා
ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා
මං ලඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නවා
ඇස් රතු වෙනකල් අඩනවා
තුරුලය අ‍රගෙන හිටියත්
නැලවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද මං නලවන්නේ

දුවටත් වැඩියෙන් හයියෙන් එතකොටන්ම් මට ඇඩෙනවා
දුවගෙ කඳලු මම ගන්නවා
දූ නැලවෙනකල් අඩනවා
මං ඇඩුවම දූ නොවැ මා නලවන්නේ

සුළඟක් වී මං යනවා
දුර අහ‍සේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද
මං අල්ලන්නනේ..

අහසක් සේ දූ යන මග
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැක ගන්නේ

පණ වාගේ ‍මගේ දූ මං රැක ගන්නේ

ගායනය එඩ්වඩ් ජයකොඩි සමග නතාෂා පෙරේ‍රා