Showing posts with label 6th lane. Show all posts
Showing posts with label 6th lane. Show all posts

Wednesday, May 15, 2013

Nathasha Ft Hiran - Arumosam අරුමෝසම්

පහන් කණුවෙ හෙවණ තමයි හැමදා අපෙ උරුමේ
ඉර ‍දෙයියො කොයි දොහේද අනුකම්පා කෙරුවේ
ගෙයක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපං අහසේ

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගනී
ඉගිලී ගිය මුතු අහුරින් සතයක් ලැබුනී

පවුලේ කුසගිනි නිවන්න එකෙන් ඵල ලබුණී
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී

දඩයම් බල්ලන් නුඹටත් ඉවකරනා දවසේ
පැලක් හදා නොගත්තොතින් මයෙ හිත මට දේස් දේ

මාල පබලු දිහා තවත් බලන්නෙ නෑ අයියන්ඩී
මුවා වෙලා කඩ පිල් ලඟ අහසේ තරු ගණින්නෙමි

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
ඉගිලී ගිය මුතු අහුරින් සතයක් ලැබුනී

පවුලේ කුසගිනි නිවන්න එකින් ඵල ලබුණී
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී

නුඹ එනතුරු වීදි කොනේ ඉන්නම් අයියන්ඩි....//

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
ඉගිලී ගිය මුතු අහුරින් සතයක් ලැබුනී

පවුලේ කුසගිනි නිවන්න එකින් ඵල ලබුණී
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී

download from http://www.ananmanan.lk

Mandaram Wahi watena - 6th lane මන්දාරම් වැහි වැටෙනා

<<<Download 128 Kbps Mp3, 4MB>>>

මන්දාරම් වැහි වැටෙනා - හීතල හැන්දෑවේ
මා අසලින් රැදී උණුහුම ඔබ විය - නුඹයි මගෙ අම්මා
සද හාවුන් හඬනා කලුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳකැන් ඔබ විය නුඹයි මගෙ අම්මා

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුබයි
අම්මේ නුඹ මගේ රැජිණයි සංසාරයේ මා නුඹ ළගයි

කුණාටු සාගරයේ රුවල් බිදුණු නවුකාවේ 
හබල ඔබයි පිළිසරණ ඔබයි නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ 
සෙවණ ඔබයි මද පවන ඔබයි නුඹයි මගෙ අම්මා 

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු  මාගේ අම්මා 
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති  ජීවිතෙන් මා 
අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුබයි 
අම්මේ නුඹ මගේ රැජිණයි සංසාරයේ මා නුඹ ළගයි 

අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි සංසාරයේ මා නුඹ ළගයි...