Showing posts with label නන්දා මාලිනී. Show all posts
Showing posts with label නන්දා මාලිනී. Show all posts

Tuesday, July 16, 2013

Chandra Madulu - චන්ද්‍ර මඬුලු

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්        Download
දූ සනසන්නට ගීත ගයනවලු         128 Kbps
දුවේ එපා ඒ කතා අහන්නට           MP3
මේ නැලවිලි ගී මමයි කියන්නේ 

රන් තැටියක කිරි පැණි පුරවාගෙන 
හඳහාමි දූ බලන්න එනවලු 
දුවේ එපා ඒ කතා අහන්නට 
හඳහාමි කෙලෙසද මෙහි එන්නේ 

කිරි මුට්ටිය නූඹේ ගඟේ ගියාලු 
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු 
දුවේ එපා ඒ කතා අහන්නට 
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ 

චන්ද්‍ර මඩුලු යට ........

ගායනය  : නන්දා මාලිනි 
පද         : මහින්ද අල්ගම 

Wednesday, July 10, 2013

Sanda kaluwara - සැදෑ කළුවර කුර ගගා විත්

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනිවෙලා

වළාකුලකුත් නොමැති අහසේ
මළානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත - පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා...

සැදෑ කළුවර...//

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර - ජී‍විතේ බර 
මගේ හිස මත බරවෙලා...

සැදෑ කළුවර...//

Wednesday, July 3, 2013

Alaya wan manaram ආලය වන් මනරම්

ආලය වන් මනරම්

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්..//

පැණසර මහා බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුදදුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති
එතැනය සබය සුදම්

Monday, April 1, 2013

Ahasa se oba - අහස සේ ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ