Showing posts with label BnS. Show all posts
Showing posts with label BnS. Show all posts

Friday, June 28, 2013

Shaheena BnS ෂහීනා.. (කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නි)

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නි...
කවුලුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී..
ආලවන්තකම් නෑසියන් වෙතින් වසන් කර හිදින්නී...
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්ති..//

ෂහීනා..ෂහීනා..සඳැල්ලේ සිඳංගනාවී..
ෂහීනා..ෂහීනා..ෂහීනා.. සුපෙම් මනෝලී....//

ආදරේ ගැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අදින්නී
මගේ හාද කම් කල්පයක් දුරින් තියන් ඉකි බිදින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසු තැවෙන්නී
අහස් මාලිගා හදන් ඉන්නකම් අපි අපේ රුවැත්තී..//

ෂහීනා..ෂහීනා..සඳැල්ලේ සිඳංගනාවී..
ෂහීනා..ෂහීනා..ෂහීනා.. සුපෙම් මනෝලී....//