Showing posts with label අජිත් මුතුකුමාරණ. Show all posts
Showing posts with label අජිත් මුතුකුමාරණ. Show all posts

Monday, June 17, 2013

Samawenna Oba mata - Ajith mutukumara

සාමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්
අනාගතය ගැන මැවුවට සිහින රාශියක්
දරා ගන්න බැරි තරමයි කඳුළු මට උනත්
අපෙ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්

සිටියත් කාලයක් ඔබට හදින් ලං වෙලා
ඔබෙ පරම්ප‍රාවේ මහකුල සිරිත් මැදි වෙලා
අපි දෙපැත්තකට කෙරුවත් මං ආදරෙයි සදා
නැහැ නිල් මැණිකට පළුදු වුනේ අනේ මං නිසා

සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්...

අවසර දෙන්නට බැහැ මට ඔබෙන් වෙන් වෙලා
තනිකඩව ඉන්න රෑ සඳ දෙස හොරෙන් බල බලා
අමතක වෙයි කලකදි ඔයාට රත්තරන් මෙ මා
අමතක වෙන්නැහැ මට ඔබ ගෙවෙන රෑ දිවා

සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්...


අජිත් මුතුකුමාර

Pasal bibe hamu wuu- Ajith muthukumara

පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ළයේ
සරසවි බිමේ හමුවනදා ‍
මට මග ප්‍රියේ

සටහන් පොතක් තුළ සැඟ වී හොරෙන්
මට ඉන්න ආසයි ඔබෙ ළය ලගින්
සුදු මුද ගවුමේ ඉඟ වට රැලි සේ
දැවටෙන්න ආසයි ඔය බද වටින්

පාසල් බිමේ හමු වූ සුර කුමරියේ

පැනයන් රැසක් ලඟ පිළිතුරැ ලෙසින්
පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින්
රතැගිළි අතරේ තෙලි තුඩ වි‍ලසේ
සිප ගන්න ආසයි ඔය මුදු ළවන්


අජිත් මුතුකුමාර

Daka ganna Asai - Ajith muthukumarana


දැක ගන්න ආසයි සිනහා ඔබේ
මා ඒ නිසාමයි ආවේ මෙසේ
ඇයි පෙම් සිනාවෝ සඟවා ගි‍යේ
පිළිගන්න හැකිදෝ මගෙ ආදරේ
පිළිගන්නවාදෝ ‍මගෙ ආදරේ

පායා පායා දිලුනාවේ
සේදී සේදී සඳ වතුරේ..//
තාරකාවෝ සැන්ඳෑවේ
මා තනි වූ යාමේ
පිං මද මා සෙනෙහේ

දැක ගන්න ආසයි

පෑරී පෑරී සිත මාගේ
තනි වී තනි වී ඝන අඳුරේ ...//
වෙදනාවෙන් නිම කෙරුවේ
මේ බිහි වූ සෙනෙහේ
පිං මද මා සෙනෙහේ

දැක ගන්න ආසයි...

අජිත් මුතුකුමාරණ



Hawasa panthiyata - Ajith muthgukumarana


හවස පන්තියට සුවඳ අරන් එන
පුංචි කිරිල්ලියෙ ඔයාට ආදරෙයිනෙ මම...//

‍මගේ හිතේ තිබුනු ලෙන්ගතූ
ආදරයේ රතු මල් පොකුරු
හසුන් පතක ලියවුනා මුදු
අමතක වෙන්නෑ ඔයා සුදූ...

හවස පන්තියට......

පලා අඳුර නැගෙන සඳක් වී
සෙනෙහස ඔබ අරගෙන එවී
රෝස පොකුල පාට වැටේවි
හිනා වෙනන්න අහිංසකාවි

හවස පන්තියට.....

අජිත් මුතුකුමාරණ

Aadara tharu - Ajith muthukumarana

සමා‍වෙන්න දෛවයේ නියමයටයි මා ඔබෙන් සමු ගත්තේ මා ඔබේ ආදරණීය තාරූ

ආදර තරු මා හඳ පෑරු
ඇයි සැංගුවෙ නුඹෙ ලස්සන සීහිරු

ආදර තරු මා හඳ පෑරු

විහිදී විහිදී - දිලිසී දිලිසී
පෙනුනට නුඹගේ අවිහිංසක රූ
මට සැක සිතුනා - මම දැන සිටියා
හැර යන බව මම ආවම ළහිරු

ආදර තරු මා හඳ පෑරු

හිනහී හිනහී - තුටු වී තුටුවී
ගියාට විදවති හිස දැක මේ රූ
මට දුක සිතුනා මට දුන සිතුනා
වැළනපනු දැක නුඹ හඩවා ළදරු


ගායනය - අජිත් මුතුකුමාරණ