Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts
Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts

Tuesday, October 22, 2013

Sanda tharu mal සඳ තරු මල්..

සඳ තරු මල්..
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය : රෝහණ වීරසිංහ
download from http://www.ananmanan.lk

Thursday, July 4, 2013

Ma ithin yanna yanwa - මා ඉතින් යන්න යනවා

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //

ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි 

මා ඉතින් යන්න යනවා...

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා...

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

Friday, June 21, 2013

Mage Duwe Nuba - මගෙ දුවේ ඔබ අවදියෙන් නම්

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

Monday, June 17, 2013

Epa sande obe sina - Edward jayakodi

එපා ‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...

අඹ මල් යායේ බිඟු දැල් හී
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..

එපා සදේ ඔබේ සිනා...

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොන් සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...

එපා සදේ ඔබේ සිනා...

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: කුමාරදාස සපුතන්ත්රී

සංගීතය: රෝහණ වීරසිංහ

Monday, April 1, 2013

Ahasa se oba - අහස සේ ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ

Sunday, March 31, 2013

Mahawarusawata pasuwa nagena sanda මහ වරුසාවට පසුව නැගෙන සඳ

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//


ඇලදොල පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//


ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට...//


ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ
  download from http://www.ananmanan.lk