Showing posts with label නිරෝෂා විරාජනී. Show all posts
Showing posts with label නිරෝෂා විරාජනී. Show all posts

Tuesday, June 4, 2013

Punsada rata awidin hene - Nirosha wirajani

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද.. 
තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට 
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට 

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..

රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන 
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..


Monday, June 3, 2013

hada pelanna hada pelanna - Nirosha wirajani

හද පෙළන්න පෙළන්න
මට දැනුනා ඉඟියක් කලින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න...//

අප හමු වූ තැන තැන දකින්න
තව දවසක්වත් යමු හිඳින්න
ආදරයේ උණුසුම විඳින්න
හැකිදැයි තව සැරයක් බලන්න

හද පෙළන්න.....

මගේ දෙනෙතේ කඳුලක් දකින්න 
බැරි බව දන්නේ නම් හිදින්න 
අපි අපගේ ගැලපුම් සොයන්න 
ඉඩ ‍දෙමු කාලයටත් බලන්න.

නිරෝෂා විරාජනී




Song Title -Hada Pelanna
Artists -Nirosha Virajini
Music -Danushka Fernando
Lyrics -Aruna Gunawardena

Sunday, March 31, 2013

Sinasenna mata Lowata penennata සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට

<<<Download 128kbps MP3>>>

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........

කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........

අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......

පද රචනය : නිලාර් එම් කාසි