Showing posts with label අමිලා නදීෂානි. Show all posts
Showing posts with label අමිලා නදීෂානි. Show all posts

Monday, June 17, 2013

Pinsara nuba dakka

පිංසාර නුඹ දැක්ක මුල්ම දිනේ
ගන්නට නුඹ ලඟටම හිතුනා නගේ
මල්යායෙ සුව ගන්න හැන්දෑකරේ
සිතුවේ නෑ ඔබ හමු වෙයි කියාලා සිතේ

කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ
මල් රේනු දෙනවාද සිතුවා සදේ
මල් වලට වද කරනා බඹරුන් රැලේ
ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ

සද්දන්ත කුලයේ ගිජිදුන් ඇවිල්ලා
හැඩ කාර බඹරා ලඟ වැටීලා
වෙන මලක රොන් බැරිදෝ අසයි
මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි

මගෙ වරුණ ගයලා ඔබ මා ලග ඉදන් ‍
හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින්
වෙන මලක මල් සුවද මට එයි ඔබෙන්
මං කොහොම හිත දෙන්නේ මගෙ හිත බයෙන්

පිංසාර නුඹ දැක්ක මුල්ම දිනේ
ගන්නට නුඹ ලඟටම හිතුනා නගේ
මල්යායෙ සුව ගන්න හැන්දෑකරේ
සිතුවේ නෑ ඔබ හමු වෙයි කියාලා සිතේ

කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ
මල් රේනු දෙනවාද සිතුවා සදේ
මල් වලට වද කරනා බඹරුන් රැලේ

ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ


Adam - amila nadeeshani

මාගේ සිත තුරුල්ලට එන්න මේ සිළිලලාරය සීතලයි
කල්පයක් තරම් කාලයක් ඔබේ කල්පනාව බොහොම හොඳයි
ආදම්....

ආදම් එන්න ඉතිං හාදකම් අරන්
ලෝකෙන් ගැරහුම් ආවත් අපිට කොයි තරම්...//

තහනම් ගසේ ‍පළ බොහොමයි වළඳමුද ඉතින්
කල්පයක්ම කල්පනාව හොඳද ඔය තරම්....//

ඈදි ගන්න සිත තුරුළු කරන්
මනරම් නොවුනත් ගීතයක් තරම්
සිළිලාරට අවනත වී සීතලෙන්
පිළිතුරු නැතිනම් අපට ලෝකයෙන්
ආදම් එන්න ඉතින් හාදකම් අරන්
තුරුළු වෙන්න ආදරෙන් හොරෙන්

ආදම් එන්න ඉතිං හාදකම් අරන්
ලෝකෙන් ගැරහුම් ආවත් අපිට කොයි තරම්...//

ආදම්

තුරුළු වෙන්න ආදරෙන් හොරෙන්

අමිලා නදීෂානී