Showing posts with label අතුල සිල්වා. Show all posts
Showing posts with label අතුල සිල්වා. Show all posts

Friday, July 19, 2013

Hithuwakkarai nubanam Sodura - හිතුවක්කාරී නුඹ නම් සොඳුර

හිතුවක්කාරී නුඹනම් සොඳුර
අනෙ හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ
මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරී මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ 

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ඝෝචර නෑ නිතර
මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොඳුර
තාවකාලිකයි අහංකාරකම් කොන්වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

හිතුවක්කාරී නුඹනම් ..............

සරුංගලේ ලස්සන දිස්වන්නෙ උඩුගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හිදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි

හිතුවක්කාරී නුඹනම් ..............


ගායනය :- අතුල සිල්වා