Showing posts with label උදය ශ්‍රී. Show all posts
Showing posts with label උදය ශ්‍රී. Show all posts

Sunday, July 21, 2013

Mage Heene laga innata - මගෙ හීනයෙ ළඟ ඉන්නට ( උදය ශ්‍රී )

Title          Mage Heenaye 
Artist/s      Udaya Sri  
Lyrics        Kasun Primal  
Music        Sandaruwan Jayasinghe  


මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ 
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කදුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දග කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඩන තරම් ඔබ දන්නවනම් තව කදුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ.................

මගෙ හීනය....

නොමියෙන මල් මතක පෙති එක එක බිද දැමුව හැටි
නෙතු අග තෙත රැදුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කදුලු කතා පවසන්නෑ
මේ කදුලු මගෙ දැන් දුක නෑ.................

Monday, June 10, 2013

Thanikama huru denattha pura - Udaya sri

තනි කම හුරු දෙනෙත පුරා
උණු කඳුලැලි රුරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ....//

සිතු පැතුමක කදුලු තියා
මදි නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනලියක් තුරුලු වුනා

මා හදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ //

තනි කම හුරු.........

තනිවුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා

මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නෙ නෑ //

තනි කම හුරු.........

ගායනය - උදය ශ්‍රී
සංගීතය සඳරුවන් ජයසිංහ
පද කසුන් ප්‍රිමාල්