Showing posts with label frequency. Show all posts
Showing posts with label frequency. Show all posts

Tuesday, June 4, 2013

Frequency - Watahenna

හද සැලුනා 
නෙතු හැඬුනා
ඔබ ගැන දැන ගත් විට මා සිතුවිලි හැඬුවා
ආදරෙ දෙම්දෝ.... 
ඔහු මෙන් යලි හඬවම් දෝ
වැටහෙන් නෑ...  ළදේ වැටහෙන්නෑ...
වැටහෙන්නෑ... මා හට තේරෙන්නනෑ ...

දුරකතනින් මා ඔබ ලං වූයේ
නොසිතු ලෙසේ ඔබ මා හද රජ වූයේ
ඔබ හමු වූ දා හැඟුමන් අවදි වුනේ
මා සිත ඇසුවේ මෙය දැයි ආදරේ

මා අසරණයි 
දැන් මා සිත ඔබ ලඟයි
සිත ඔබ හට දෙම්දෝ
ගොළු වී මම ඉන්දෝ

වැටහෙන් නෑ...  ළදේ වැටහෙන්නෑ...
වැටහෙන් නෑ... මා හට තේරෙන්නෑ ...//

හිරු මෙන් ඇවිදින් ඔබෙ ලොව එළිය කලේ...
එදින රැයේ ඔහු ඔබ හා තුරැළු වුනේ
සුරතල් බිළිදෙකු දෙහදේ උණුසුම ලැබුවේ
ඔබ තනිකර දා එදා ඔහු පියවර තැබුවේ

ඔබ අසරණයි
ඔහු දැන් ඈ ලගයි
ඔහු ගැන තැවෙනවාදෝ
මා ගැන තැවෙනවදෝ
මට ආදරෙ දෙයිදෝ....
එය සඟවා ගනිදෝ...

වැටහෙන් නෑ...  ළදේ වැටහෙන්නෑ...
වැටහෙන් නෑ... මේ ආදරෙ තේරෙන් නෑ ...//