Showing posts with label අසංක ප්‍රියමන්ත පීරිස්. Show all posts
Showing posts with label අසංක ප්‍රියමන්ත පීරිස්. Show all posts

Monday, June 17, 2013

Senehasakata Aruthak - Asanka Priyamantha - සෙනෙහසකට අරුතක්.

සෙනෙහසකට අරුතක්...
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්...//

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...


සෙනෙහසකට අරුතක්...//

Deepawalee data - Asanaka Priayamantha

දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්

දීපාවලී දාට දීපාවලී සඳ අරන්...


ගායනය - අසංක ප්රියමන්ත පීරිස්
සංගීතය - තිස්සසිරි පෙරේරා

ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ

Friday, May 31, 2013

Asanka Priyamantha - Labunath neth yuga dahasaka Urume

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....
ඔබව බලා ගන්නට අම්මේ.....

ඉර හඳ පතුරණ එළියට වැඩියෙන් 
ඔබ මට හරි එළියයි අම්මේ...
දහසක් නෙත් මට මදි අම්මේ....
දහසක් නෙත් මට මදි අම්මේ....

ලේ කිරි කරලා අම්මත් මාහට පෙව්වද 
නැතිනම් ඊට වඩා....
ඉර හඳ, දරු සෙනෙහසට යටත් කොට
දිය කර පෙව්වද සේද වලා....//

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....
ඔබව බලා ගන්නට අම්මේ.....

දස මාසේ කුසයේ හි මා දරලා 
ඉසුලූ බර ඔබට මහදී
දරු සෙනෙහස මතු බුදු කරවන්නට 
මව් පදවිය ඔබ ලදන ලදී....//

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....
ඔබව බලා ගන්නට අම්මේ.....

ඉර හඳ පතුරණ එළියට වැඩියෙන් 
ඔබ මට හරි එළියයි අම්මේ...
දහසක් නෙත් මට මදි අම්මේ....
ඔබව බලා ගන්නට අම්මේ.....
දහසක් නෙත් මට මදි අම්මේ....
ඔබව බලා ගන්නට අම්මේ.....


අසංක ප්‍රියමන්ත