Showing posts with label වන්දන ලියනාරච්චි. Show all posts
Showing posts with label වන්දන ලියනාරච්චි. Show all posts

Tuesday, October 22, 2013

Premaya lowa hamathanama athi - පේ‍්‍රමය ලොව හැම තැන ම ඇතී

පේ‍්‍රමය ලොව හැම තැන ම ඇතී
හැමදෙනට ම හමුවෙලා ඇතී
එනමුදු පේ‍්‍රමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී

විල්තෙර දියයට දියඹුන් නඟනා
පේ‍්‍රමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදනමුත් යස
උල්පත හැමදාමත් නිසලයි
පේ‍්‍රමය හැමදාමත් නිසලයි

සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන
පේ‍්‍රමය මුල් පස යට සැඟවේ
නන් පල මල් දලූ පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
පේ‍්‍රමය කිසි කෙනෙකුට නොපෙනෙයි