Showing posts with label මේඛලා ගමගේ. Show all posts
Showing posts with label මේඛලා ගමගේ. Show all posts

Friday, May 31, 2013

Mekala gamage Mata denna Mata denna මට දෙන්න මට දෙන්න

<<<Download MP3 128Kbps>>>(4mb)

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිඳුවක් ‍
දෙන්න....//

දෙතොල් පෙති හැඩ කරන - සිනා රේඛා මවන 
කැඩපතක මගේ රුව - මොහොතකට දකින්නට
කඳුලු බිඳු සඟව ගෙන - දුක දැරූ අම්මාව 
දෙනෙත් මත තුරැළු කර - එක වරක් සිප ගන්න

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන 
පාට බිඳුවක් ‍දෙන්න....

ගී කියන විහඟුන්ට - රොන් උරණ බමරුන්ට
රහසේම මම සොයමි මල් පාට වූ අරුම
වැහි ඉහින අහස යට - බර දරන පොළව උඩ
මගේ හීන තබා යමි - තවත් දවසක එන්න

මේඛලා ගමගේ


Ahan inna Ahagena inna - Mekala gamage / Indrachapa liyanage

<<<Download MP3 128 Kbps>>> 3mb (මේකලා ගමගේ)
<<<Download MP3 96 Kbps>>> 5mb (ඉන්ද්‍රචාපා ලියනගේ)

අහන් ඉන්න - අහගෙන ඉන්න...
මගේ හිත.... 
මොනවද මුමුණනවා...

යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා....

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගේ හිත.... 
මොනවද මුමුණනවා...

කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා...
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා....

සිලිසිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි

අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි..

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගේ හිත.... 
මොනවද මුමුණනවා...//

මේඛලා ගමගේ
මෙතින්න් අහන්න
පද - සෝමලතා හේරත් මැණිකේ
සංගීතය - රුවන් ශ්‍රී වල්පොල

ඉන්ද්‍රචාපා ලියනගේ
මෙතනින් අහන්න