කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිඳැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැඳැල්ලේ....
දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලූ
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලූ
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ
මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු
වෙල් එළි යේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දැවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලූ
කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ
මතක නේද මගෙ රන් කඳ අපි දෙන්නා යාළු