Friday, June 21, 2013

Malagirawiye - මාල ගිරවියේ

මාල ගිරවියේ ... මාල ගිරවියේ ...
මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න අසයි
මං දන්න කියන ගහකොල මල් පෙන්නන්නට අසයි
මාල ගිරවියේ... මාල ගිරවියේ ...



දුර නෑයො පවා ගේ දොරකඩ එකතුවෙලා හිදිවි
නුඹේ මාලෙ හැබෑ රත්තරන්ද අත ගලා බලාවි ..
මේ සේද ඇදුම් ඉල්ල ගත්තේ කාගෙන්දැයි අසාවි

මාල ගිරවියේ ...

මගෙ උර තලයේ හිස තියාන හෙමිහිට ඉකි බිදිවි
අපෙ නැති බැරිකම් ඒ තරමට අමිහිරිදැයි අසාවි
ඒනිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරි...

මාල ගිරවියේ ...