Friday, June 21, 2013

Manalada Sathuta - මැනලාද සතුට

මැනලාද සතුට මට දෙන්නේ
ඉඳහිට දැන් දැන්
මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
නුඹ හට මා නම්...



සඟවා ගන්න හිතක් නෑ
මා සතු ප්‍රේමයේ වත්කම්
ගැනලා දෙන්න දෙයක් නෑ
ප්‍රේමය තනි වුණු ඇත්නම්
මැනලා දෙන්න බැරි තරම්
නුඹ හට පෙම් කෙරුවෙත් මං
එහෙව් මගෙ හිතට
ඇයි දැන් මේ නොපනත් කම්..

මැනලාද සතුට.....

සුළඟව එන්න කියාලයි
හෙමිහිට දොර ඇරියේ මං
හද බිදි කුණා‍ටුවක් වී
අද දින නුඹ ආවේ නම්
මෙහෙමත් වුණේ මට ඉතිං
කරලද මොන වරදක් මං
ඉවසනු බැරිදේ නුඹ මට
කරන වෙනස් කම්..

මැනලාද සතුට...