කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී
මගේ ලොවේ...//
විලක රැයේ පිපෙන මලේ
කඳුළු සඟවලා...
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා...
හිරුද හඬවලා...
නෙලන්න බැරි දුරින්....
ඉවුරු දිගේ යනෙන අපේ
හඬන හිත නිවා...
ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා...
සයුර ඇත බලා...
නෙලන්න බැරි දුරින්....//
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ෂනී