Friday, June 21, 2013

Gahaka Mal Pipila - ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා පිපෙන්නේ - ඇයිද නොදන්නෙමි...
හිතක මල් පිපිලා පිපෙන්නේ - ඇයිද නොදන්නෙමි...
නුඹට සිත බැඳී කාරණේ මම - තවම සොයන්නෙමි...



කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින් 
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් 
කරනු බැරි තහනම්...... 

ගහක මල් පිපිලා ....

සඳට සදහට සෙනේ පෑ මුත්  උදුල තරු කැටයම් 
හිරුට පෙම් බැඳී එකද තරුවක් සිටිය නොහැකිද යම් 
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් 
පුදුම වෙයි නුඹ නම්....

ගහක මල් පිපිලා ....