Thursday, July 11, 2013

Kothanaka Sitiyath - කොතනක සිටියත් ඔබ මෙළොවේ

කොතනක හිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
ඔබේ සිතට සැනසුම ගෙනදී 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
රැකගෙන මංගල මුදුව අතේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ .....//

හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා 
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා....// 
සිහිකෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන් සිටියා 
ඔබ වෙන කිසිවකු සමගින් ආවා...// 
ඔහු දිවි රැකුමට මට වෙර ලැබුණා 
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නෙකෝ