දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුණා
තුරුළේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා නුඹ අම්මේ....!
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිඳක ගේ සෙනේ ගියා
යෝධ ඇළේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ....!
කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්න ද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ළඟ
ඉන්නවා ද අම්මේ....!
ගායනය -ගුණදාස කපුගේ