Wednesday, July 3, 2013

ගී පද විතරක් තිබුනොත් ඒ ඇතිද????

අද 100වෙනි ගී පද මාලාවත් ඇතුලත් කළා. හිත නිතරම ඉල්ලන ගී පද මාලාවන් මේ විදියට බ්ලොග් එකකට දාන්න හේතු දෙක්ක තියෙනවා. එකක් තමා මම සිංහල බ්ලොග් කියවාකොට ආසවක් ආව බ්ලොග් එකක් ලියන්න. ඒත් මොනව කියලා ලියන්නද? හිතට අදහසක් ආවෙ නෑ. ඒ නිසා අනිත් අය ලියපුවා බ්ලොග් එකේ දාන්න තීරණය කලේ. ඒ සිංහල ගී පද. අතික තමා බ්ලොගින් ගැන ඉගෙන ගන්න තිබ්බ ආසාව.

මම විතරක් නෙමෙයි මේ විදියට ගී පද දාන්නෙ තව බ්ලොග් සහ වෙබ් අඩවි රාශියක් තියෙනවා. යුනිකෝඩ් වලින් මේ වැඩේ ගී පැදුර බ්ලොග් එකේ කරනවා. මගේ බ්ලොග් එ‍ක කොපියක්ද මන්ද. (නෑ නෑ... කොපි කළා නෙමෙයි. බ්ලොග් ලියන්න ඉගෙන ගන්නයි මෙහෙම කළේ.) ඒත් දැන් වැඩේට හිත ගියා. මම දිගටම මේකෙ සිංදු ලියනවා. හැම එකම මම සිංදුව අහන ගමන් ලියපු ඒවනම් නෙමෙයි. ඇත්තම කියන්න ඔනෙ. හොර හිතින් නෙමෙයි ගොඩක් ඒවා අනිත් අ‍යගෙ බ්ලොග් වලින් කොපි කළා. ඔන්න ඇත්තම කිව්වා. ඒත් කොපි පේස්ට් කළා විතරක් නෙමෙයි. පේස්ට් කරලා ඒවයෙ වැරදි තිබ්බ තැන් නිවැරදි කළා. 

මේ විදියට සිංදු කොට කොටා ඉන්නෙ නැතුව මේ බ්ලොග් එකෙන් ඊට වඩා දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගීතයට, ගායකයකට, පද රචකයට, සංගීතඥයට මේ හැමෝම ගැන ‍නිවැරදි විස්තර හොයලා ගීත වල ඉතිහාසය හොයලා ලිපි ලියන්න හිතුනා. ඒ‍ත් කොතනින් කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ... ඔයාටත් මේ ගැන අදහසක් තියෙනවන්ම් මට කියන්න.