Wednesday, July 10, 2013

Sanda kaluwara - සැදෑ කළුවර කුර ගගා විත්

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනිවෙලා

වළාකුලකුත් නොමැති අහසේ
මළානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත - පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා...

සැදෑ කළුවර...//

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර - ජී‍විතේ බර 
මගේ හිස මත බරවෙලා...

සැදෑ කළුවර...//