Wednesday, May 15, 2013

Mandaram Wahi watena - 6th lane මන්දාරම් වැහි වැටෙනා

<<<Download 128 Kbps Mp3, 4MB>>>

මන්දාරම් වැහි වැටෙනා - හීතල හැන්දෑවේ
මා අසලින් රැදී උණුහුම ඔබ විය - නුඹයි මගෙ අම්මා
සද හාවුන් හඬනා කලුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳකැන් ඔබ විය නුඹයි මගෙ අම්මා

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුබයි
අම්මේ නුඹ මගේ රැජිණයි සංසාරයේ මා නුඹ ළගයි

කුණාටු සාගරයේ රුවල් බිදුණු නවුකාවේ 
හබල ඔබයි පිළිසරණ ඔබයි නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ 
සෙවණ ඔබයි මද පවන ඔබයි නුඹයි මගෙ අම්මා 

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු  මාගේ අම්මා 
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති  ජීවිතෙන් මා 
අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුබයි 
අම්මේ නුඹ මගේ රැජිණයි සංසාරයේ මා නුඹ ළගයි 

අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි සංසාරයේ මා නුඹ ළගයි...