Wednesday, May 15, 2013

Dampatin la sada basa yanawa



දම් පාටින් ලා සඳ බැස යනවා 
ආකාසේ රන් වන් පාටයි 
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි .... //


දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නැඟේ
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොලුවී ඉන්නෙමි මම් .....//

සෙවනැලි නොමැකේ නම් 
එලිය කළු නොවේ නම්....//
බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා .........

 දම් පාටින් ..........

රෑ කල දිගු වේ නම්
ලා සඳ නොමැකේ නම්.....//
නෙලුම් පතක රැඳී පිනි බිඳුවක් සේ ළමැද තලා යහනේ
 ඉන්නම් පමා වෙලා හිරු නැගෙන තුරා ........

දම් පාටින් ..........

ගායනය           : මාලනී බුලත්සිංහල / ගුණදාස කපුගේ
ගී පද                 : ලූෂන් බුලත්සිංහල
සංගීතය              :  ඔස්ටින් මුණසිංහ