Wednesday, October 16, 2013

Sodin nelum mala geniyana (ඇතින්නියේ )- Athula adikari

සොඬින් නෙළුම් මල ගෙනියන 
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ 
යදම් අමතකද පා බැඳි විලංගුවේ..
යදම් අමතකද පා බැඳි විලංගුවේ..//

උදුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්නැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි..//
ඇතින්නියේ.... 
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි....

වටින් මහ සෙනග ඇවිදින් සාධු කියා වැන්දයි
නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ.... 
නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි.

ගායනය - අතුල අධිකාරී
පද - රත්න ශ්‍රී