Wednesday, October 1, 2014

Adara lowe apa hamu une - jaya sri

ආදර ලොවේ අපි හමු වුනේ....

සතුටින් වෙලී සුවඳ දී ලඟ හිදී
හැඟුමන් අපේ වේදනා තොර නොවී
සැකයෙන් එදා අපි කිව් කතා

ආදර ලොවේ අපි හමු වුනේ
කඳුළැල් සලා යලි වෙන් වුනේ

මා පිය කතා එරෙහි වූ විට එදා
පැතුමන් අපේ විසුනු වී ගියෙ සදා
විඳු වේදනා උදයේ හවා

ආදර ලොවේ අප හමු වුනේ
කඳුළැල් සලා යලි වෙන් වුනේ

ලාල ලා ලා...//

සැකයෙන් එදා අපි කිවු කතා 

ආදරලොවේ අපි හමු වුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ.....///

download from http://www.ananmanan.lk

Wednesday, November 6, 2013

Mage jiwithe pura (මගේ ජීවිතේ පුරා)

මගේ ජීවිතේ පුරා 
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමී......

සඳ සෙවණේ අපි තරු ගැනලා 
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහා වෙලා 
අද නෑ තාරකාවී අඳුරෙන් වැසී ගියේ,

සුදු වැලි යට අද සැතපීලා 
ඝන අඳුරින් ලෝකය වැසිලා 
ඉවසා ගන්නේ කෙලෙස ද මා,
යළි නෑ ආයෙ එන්නේ වෙනදා වගේ සදා......


download from http://www.ananmanan.lk

Tuesday, October 22, 2013

Thani wenna ida denna - තනි වෙන්න ඉඩ දෙන්න

මුල් ගීතය (අජිත් ආරියරත්න)
තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ සිතටයි
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි.........

යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
නව සංගීත මුසුව (අජිත් පෙරේරා)
සැගවුනි මතකය අද රහසේ
පෙම් කල හදකට ශාප නොකල මැන
වෙන හදකට පෙම් කල දවසේ...........

මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනිවූදා දිවි කතරේ
වසන්තයේ තුං මංසල අබියස
ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ.......


Click inage to large view
(Thani wenna ida denna
matai mage sithatai)


Hadawathin senehasa pura හදවතින් සෙනෙහස පුරා

හදවතින් සෙනෙහස පුරා....
ඔබ එදා මා වෙත පිදුවසේ.....
කදුලකින් දෙනයන වසා.....
ඇයි මෙසේ මා අද තනිකලේ.......

දෙනෙතේ හසරැල් සලා......
සිහිනය සේ බොදවෙලා.....//
මගේ පැතුම් ලොව පහන් නිවා අද ......
තනිවි යන්න ගියා......

නොසිතුව සේ මා එදා.....
සමුගෙන ගියේ ඔබ සදා.....//
පෙරසේ මතු දින නැවතත් හමුවී.....
හිනැහෙමු අප දෙදෙනා......

හදවතින් සෙනෙහස පුරා....
ඔබ එදා මා වෙත පිදුවසේ.....
කදුලකින් දෙනයන වසා.....
ඇයි මෙසේ මා අද තනිකලේ.......




download from http://www.ananmanan.lk

kolompure nuba inna isawwe - කොළොම්පුරේ

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිඳැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැඳැල්ලේ....

දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලූ
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලූ
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ
මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු

වෙල් එළි යේ වෑ කන්දේ දුව පැන නැටුවාලු 
දැවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලූ
කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ
මතක නේද මගෙ රන් කඳ අපි දෙන්නා යාළු