
පැතු හීන හිනාවෝ - දුර ඈත ගියාදෝ
තනිකමේ කවිය කාට ඇසේදෝ....
ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ....
අඳුරට මග අහුරා සඳ සළුපිළි පළඳා
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් උහුලා හිමිදිරියෙම ඉඳලා
දහදිය උකසට දුන් දිනේ
අපේ හිතේ දුකට එළිය නිවයි බරබාගේ
ගුරු පාර දිගට...
සුදු මල් ඔසරිය හා මුතුපොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වේලේ
ඒ සිහිනය සිඳ - දා හිස් දෑතම විහිදා
වයිරෝ ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ