පාසල් බිමේ හමු වූ සුර
කුමරියේ
සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ළයේ
සරසවි බිමේ හමුවනදා
මට මග ප්‍රියේ
සටහන් පොතක් තුළ සැඟ වී හොරෙන්
මට ඉන්න ආසයි ඔබෙ ළය ලගින්
සුදු මුද ගවුමේ ඉඟ වට රැලි සේ
දැවටෙන්න ආසයි ඔය බද වටින්
පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
පැනයන් රැසක් ලඟ පිළිතුරැ ලෙසින්
පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින්
රතැගිළි අතරේ තෙලි තුඩ විලසේ
සිප ගන්න ආසයි ඔය මුදු ළවන්
අජිත් මුතුකුමාර






