සාමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්
අනාගතය ගැන මැවුවට සිහින රාශියක්
දරා ගන්න බැරි තරමයි කඳුළු මට උනත්
අපෙ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්
සිටියත් කාලයක් ඔබට හදින් ලං වෙලා
ඔබෙ පරම්පරාවේ මහකුල සිරිත් මැදි වෙලා
අපි දෙපැත්තකට කෙරුවත් මං ආදරෙයි සදා
නැහැ නිල් මැණිකට පළුදු වුනේ අනේ මං නිසා
සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්...
අවසර දෙන්නට බැහැ මට ඔබෙන් වෙන් වෙලා
තනිකඩව ඉන්න රෑ සඳ දෙස හොරෙන් බල බලා
අමතක වෙයි කලකදි ඔයාට රත්තරන් මෙ මා
අමතක වෙන්නැහැ මට ඔබ ගෙවෙන රෑ දිවා
සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්...
අජිත් මුතුකුමාර






