Friday, June 21, 2013

Chandra kinnara Jathake - චන්ද්‍ර කින්නර ජාතකේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං උනා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් උනා…



ගෙට එන්න පෙර කී කතා
උඩුගම් බලා ගියෙ දෝ මෙදා...//
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා…

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්

අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ...//
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ…

චන්ද්‍ර කින්නර ජාතකේ…