ළඟ පාත නොවේද සිටිනා
ඇලපාත මුදලි මං...
මදහාස නගන් ගජමන් නෝනා...//
පුන්සඳ ලෙද කළුවර යහනේ...
පුන් සිසිවත කඳුලින් තෙමුණේ...//
තහනම්ද සතුට ළඳුනේ....
මේ දුකද සැපයි - නුඹේ හිතට කැපයි
මදහාස නගන් ගජමන් නෝනා...
රන් රස සේ ගැලපෙන සේමා...
දුන් රස කව් රස විඳ බෝමා...//
නොබැදෙම්ද පෙමින් කෝමා...
අමනාප කිමැයි - උදහාස කිමැයි..
මදහාස නගන් ගජමන් නෝනා...
දුර ඈත වුවද දකිනා....