Friday, June 21, 2013

Bebaleema Wagema Basa Yama - බැබලීම වගෙම

බැබලීම වගෙම බැස යාම අයිති සදටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම........
මම තාම අයිති නුඹටයි.......



රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැති
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැති
නුඹ දන්න තරම් මගෙ හිත
වෙන දන්න කෙනෙකු......
ලොව මට හමුවෙලා නැති......

බැබලීම වගෙම ......

හිමිවන්න කියා හමුවන්න හිතක් නැති
පිංවන්ත හිතේ විදවන්න දුකක් නැති
අදහන්න නමුත් හැකි වෙද
නුඹ දුන්නේ නැතත්........
නුඹේ හිත මගේ ළගම ඇති....

බැබලීම වගෙම......