අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නැ...//
තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ...//
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ...
අතීතය සිහිනයක්...
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...//
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...
අතීතය සිහිනයක්...
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : පල්ලේගම හේමරතන හිමි
සංගීතය : නාලක අංජන කුමාර