චාන්දනී පායලා ආදරේ නාමල් සුගන්දේ වසන්තේ පුරා
නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ
රැහැණින් වෙලී සිත ඉවසුම් නොදේ
නාමල් නෙලන්නයි ඇරයුම් කළේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැදී
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
ආවත් නැගී නුඹ ඈතින් ඉදින් සඳ
නාමල් විමානේ අපටයි සඳේ
සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නා මල් නෙලන්නට සඳ රැස් හැලේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැදී
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
චාන්දනී පායලා ආදරේ නාමල්
සුගන්දේ වසන්තේ පුරා
චාන්දනී පායලා ආදරේ නාමල්
සුගන්දේ වසන්තේ පුරා