දම්පියාව නෙත් පියාන බලා සිටිනුදෝ
දිනේය ජන නෙත් පියාන බලා සිටිනුදෝ
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
මහාවීර මහපොළවේ ජනිත නොවනුදෝ
අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුළ ඉකි බිඳ වැලපෙති
දම් දීපයෙ දම් අමාව බති වෙනුවට කති
දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුනෙ සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන්දහසක් කල් ගිය තැන දම්දීපය නැත
තිදසපුරෙන් බිමට බසිනු මෙත් මහ බෝ සත
තිදස පුරෙන් බිමට ඇවිත් බිහි වනු බෝ සතුනේ...
තව දෙදහස් පන්සියයක් ඉදිනු බැරිය ඉතිනේ.....//