Tuesday, June 18, 2013

Bindu Bindu tharaka - gunadasa kapuge බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනහුනා රැයේ
සුබ පැතුම් අගාදයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ


තනි වී ගිම්හානයේ.....
වැල‍පේ කොවුලා වනේ..//
සඳ මත ආද‍රයේ සෑය මැවේ
වි‍යකී බඹර ගීත මල‍ක රොන් සැලේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනහුනා රැයේ
විස මධු පුරවා විතේ....
ගෙන දෙයි දෝතින් ඔබේ...//
මා හද සෑය දවා දෑස නිවා
නන්වනු මන්දහාස මියෙන මා නෙතේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනහුනා රැයේ
සුබ පැතුම් අගාදයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ....//