Tuesday, June 18, 2013

Sudu mudu rala pela - T. m. Jayarathna සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ


සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ 
පාවඩ පලස එලා 
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ  
ඔබ මට තිලිණ වෙලා 


යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ 
මුකුලිත සිතැඟි සලා 
අරුණැල්ලක්සේ  ....අරුණැල්ලක්සේ  නුඹ මිණ පායා 
සනහස ජනිත කළා 

සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ 
රැඳුනේමි  සරණ සොයා 
පවනැල්ලක්සේ  .... පවනැල්ලක්සේ නොම හැර ආවෙමි 
ඔබ හද සැදෙන තුරා