Monday, June 17, 2013

Sualangak wee man yanawa nathasha perera ft Edward jayakodi


සුළඟක් වී මං යනවා
දුර අහ‍සේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද
මං අල්ලන්නනේ..

අහසක් සේ දූ යන මග
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැක ගන්නේ
පණ වාගේ ‍මගේ දූ මං රැක ගන්නේ

මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කදු වැටි හෙම
උදුරා පොළොවට දමනවා
අප්පච්චි කොහොමද මං වළකන්නෙ

මං මහ මුහුදක් වෙනවා දූ එන තුරු මග රකිනවා
ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා
මං ලඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නවා
ඇස් රතු වෙනකල් අඩනවා
තුරුලය අ‍රගෙන හිටියත්
නැලවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද මං නලවන්නේ

දුවටත් වැඩියෙන් හයියෙන් එතකොටන්ම් මට ඇඩෙනවා
දුවගෙ කඳලු මම ගන්නවා
දූ නැලවෙනකල් අඩනවා
මං ඇඩුවම දූ නොවැ මා නලවන්නේ

සුළඟක් වී මං යනවා
දුර අහ‍සේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද
මං අල්ලන්නනේ..

අහසක් සේ දූ යන මග
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝනී මං රැක ගන්නේ

පණ වාගේ ‍මගේ දූ මං රැක ගන්නේ

ගායනය එඩ්වඩ් ජයකොඩි සමග නතාෂා පෙරේ‍රා