Friday, June 21, 2013

Andara yaye - අන්දර යායේ වැව්තාවුල්ලේ

අන්දර යායේ වැව්තාවුල්ලේ 
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි 
ගහ වැලේ මලයි මට අප්පච්චී...//

වළාකුලේ දා බිදු තවරා 
මහපොළවට මහ වැසි ගෙනෙනා...//
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද 
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

අන්දර යායේ...

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට එන මං තැනුවා...

අන්දර යායේ...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති